කාසියේ වාසියෙන් පිත්ත අතට ගත් දඹුල්ලෙන් 148ක ඉලක්කයක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

එහිදී දඹුල්ල ඉනිම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් රැස්කළ අතර, සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

දඹුල්ල ඉනිමේ සාර්ථක සම්බන්ධතාව ගොඩනඟන්නට මැදපෙළ පිතිකරු කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වාට හැකියාව ලැබුණා.

එහිදී කුසල් පෙරේරා වේගවත් ලකුණු 31ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා සිය පන්දුවාර 04 තුළ ලකුණු 25කට කඩුලු 02ක් බිඳ දැමූ අතර වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් දවාගත්තා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 148ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?