කාශ්මීර ප්‍රහාරයේ සැකකරුවන් 06ක් ලංකාවට ආ බවට තොරතුරක් – කටුනායක හදිසි පරීක්ෂාවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අද (03) දහවල් හදිසි පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

අද (03) පෙරවරුවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු පැමිණෙන බවට ඉන්දියාවෙන් ලැබුණු තොරතුරක් මත මෙම හදිසි පරීක්ෂාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පෙරවරු 11.20ට කටුනායකට පැමිණි යූ.එල් 123 දරණ ගුවන් යානයෙන් මෙම සැකකරුවන් පැමිණෙන බවට තොරතුරු ලැබී තිබූ අතර, එවැනි සැකකටයුතු කිසිවෙක් අදාළ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ නොමැති බව සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වූ බවයි ගුවන්තොටුපොළ ‘දසත නිවුස්’ වාර්තාකරු පැවසුවේ.

පොලීසිය, ගුවන් හමුදාව සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ ඒකාබද්ධව එම හදිසි පරික්ෂා කිරීමේ කටයුතු සිදුකර තිබෙනවා.

ඉකුත් අප්‍රේල් 22 වැනිදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ වනවිට දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් මතුව ඇති අතර, එය දෙරට අතර යුදමය තත්ත්වයක් දක්වා වර්ධනයවන මට්ටමකට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12
Video thumbnail
පියතුමෙකුට ලුහුබැද ප#ර දුන් සිද්ධියේ සියල්ල කැබිනට් මාධ්‍ය හමුවේ හෙළිවෙයි..
03:05
Video thumbnail
වෛද්‍ය බෙල්ලනව FCID එකෙන් ප්‍රශ්න කරයි - රජයත් එක්ක මට ගැටුමක් නෑ
06:05
Video thumbnail
සාධාරණයක් ඉල්ලා රජයේ වෛද්‍යවරු සැරවෙයි
05:09
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.01.27
01:44:01
Video thumbnail
කොට්ටච්චි කිව්ව පියයුරු කතාවට SLFP කතුන්ගෙන් සැර සත්තමක්..තමන්ගේ නි#වත අලෙවි කරන තැනට ආණ්ඩුව වැ#ලා
07:53
Video thumbnail
මහ රෑම ගිනිගත්හේන පොලිසියෙන් කළ රථ වාහන පරීක්ෂාව
02:27
Video thumbnail
මිහින්තලේ දැඩි උණුසුම් තත්ත්වයක්.."මිහින්තලේ පොලිසියට පගාව දීලා..කසිප්පු විකුණනවා"
11:35
Video thumbnail
99න් බේරෙනවා කියන්නේ මෙන්න මේවට
00:53
Video thumbnail
මේ විෂ මත්ද්‍රව්‍ය තුන සඳහා ම#ණ දඬුවම නියමිතයි..කිසිදු සමාවක් නෑ..
03:01


?