කාශ්මීරය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත කණ්ඩායම් ගැන පාකිස්ථාන ආරක්ෂක අංශ සීරුවෙන්

පකිස්ථානයේ ජම්මු සහ කාශ්මීරයට අයත් ඩෝඩා පළාත කේන්ද්‍රකර ගනිමින් ත්‍රස්තවාදීන් 118 දෙනෙකු ක්‍රියාකාරීව සිටින බවට පාකිස්ථාන ආරක්ෂක අංශ හඳුනාගෙන තිබෙනවා.

පාකිස්ථානය විසින් අත්පත් කරගෙන සිටින කාශ්මීර ප්‍රදේශයේ සිටින එම ත්‍රස්ත කණ්ඩායම් අතරින් 10ක් වඩාත් ක්‍රියාකාරීව තරුණ කණ්ඩායම් බඳවා ගනිමින් කලාපය තුළ ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බවයි ඩොඩාහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබ්දුල් ඛයූම් ප්‍රකාශ කළේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකු හුදකලා ප්‍රහාරවල යෙදෙන ත්‍රස්තවාදීන් ලෙසත් සෙසු පිරිස ‘ප්‍රකාශිත වැරදිකරුවන්’ ලෙසත් නම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ප්‍රකාශිත වැරදිකරුවන් ලෙස හඳුනාගෙන සිටින එක් අයකුගේ දේපළ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව එම දිස්ත්‍රික්කයේ ත්‍රස්තවාදය පුනර්ජීවනය කිරීමට උත්සාහ කරන පිරිස සම්බන්ධයෙන් ලේඛනයක් සකස් කිරීමටද ඩෝඩා පොලීසිය සැලසුම් කර තිබෙනවා.

“ඔවුන් මෙම ප්‍රදේශයේ තරුණයින් සටන්කාමීත්වයට සම්බන්ධ කිරීමට උත්සාහ කරමින් ඉන්නෙ. අපි ඔවුන්ගෙන් එක් අයෙකුගේ දේපළ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඉතිරි අයට එරෙහිව අපි සාක්ෂි එකතු කරනවා. ඔවුන්ගේ දේපළ පිළිබඳ තොරතුරුත් අපි රැස්කරමින් සිටින්නේ.කාලය පැමිණි විට ඔවුන්ට එරෙහිවත් ක්‍රියාමාර්ග ගන්නවා.”යනුවෙන් ඩොඩාහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබ්දුල් ඛයූම් සඳහන් කළා.

කලාපයේ සිටින ‘ක්‍රියාකාරීම ත්‍රස්තවාදීන්ට’ එරෙහිව ක්‍රියා කිරීමට පොලිසිය සූදානම් වන බවයි ඔහු සඳහන් කළේ.
කලාපයේ වඩාත්ම ක්‍රියාකාරී ත්‍රස්තවාදියෙකු ලෙස පාකිස්ථාන මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුක් හබීබ් නම් කර සිටින බව ප්‍රකාශ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔහු ජම්මු පළාතේ ග්‍රෙනේඩ් පිපිරීම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බවද ප්‍රකාශ කළා.

මොහොමඩ් ඉර්ෂාඩ් ද කලාපයේ ක්‍රියාකාරීව කටයුතු කරන තනිපුද්ගල සටන්කාමියකු වන අතර ඔහු හිස්බුල්-මුජාහිදීන් කණ්ඩායමට අයත් බවටයි හදුනාගෙන ඇත්තේ. ඔහුගේ දේපළ පිළිබඳ තොරතුරු ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාදීමෙන් පසු නීත්‍යනුකූලව ක්‍රියා කිරීමට සූදානම් බව ඛයූම් පවසනවා.

පාකිස්ථාන ආරක්ෂක අංශ මගින් මේ වන විටත් එකොළොස් දෙනෙකුට එරෙහිව ත්‍රස්ත මර්දන පනත යටතේ කටයුතු කර ඇති අතර එරට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දුරකථන ඔස්සේ සටන්කාමී ක්‍රියා සඳහා බඳවා ගැනීම්වලට අදාළව සිදු කරන දිරිගැන්වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07