ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන “කාවන්තිස්ස” ඇතාගේ ඉදිරි දකුණු පාදයේ ඇති තුවාලය සඳහා ප්‍රතිකාර කටයුතු අද (26) දිනයේ දීත් සිදු කෙරුණා.
ඒ අඛණ්ඩව තෙවැනි දිනටයි.
නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවකෝට්ටගේ මූලිකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කෙරෙනවා.
සියඹලංගමුව වැව ආසන්නයේ පිහිටි රක්ෂිතයක වනජීවි නිලධාරීන්ගේ සහාය ඇතිව අද දින ඇතාට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදු කෙරෙනවා.













