spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණ අනාවැකි

ඉදිරි දින කිහිපය තුළ ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (29) දහවල් 12:11ට මන්නියකුලම්, අරිවියල් සහ වලෛයන්මදම්ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?