මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍යව තිබෙන නව රේඩාර් පද්ධති සහ නවීන උපකරණ ලබාදීමට ලෝක බැංකුව සහ ජපානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (03) අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
ඒ, අනුව ලෝක බැංකුව සහ ජපානයේ ජයිකා ව්‍යාපෘතිය සමඟ සාකච්ඡා කර මෙම සම්පත් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට දැනුම් දුන්නේ.
මේ අතර ගංවතුර හේතුවෙන් සිදු වූ වගා හානි සඳහා ගොවීන්ට ලබාදිය හැකි උපරිම සහනාධාරය ලබා දෙන ලෙසට ද ඔහු රජයෙන් ඉල්ලීමක් ද කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1