කාර්මික ශිල්පියෙක් අවාසනාවන්ත ලෙස මියයයි

මහනුවර ප්‍රදේශයේ පිහිට ප්‍රසිද්ධ හෝටලයක අද (04) දහවල් සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටින අතරතුරදී එම පිපිරීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය. 

හෝටලයේ ඉහළ මහලේ භෝජනාගාරයේ පිහිටි කොටසේ එම පිපිරුම සිදුව ඇත.

අදාළ පිපිරීමෙන් මියගොස් ඇත්තේ, මාතලේ, ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාර්මිකයෙකු බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?