Empty Ad
AFC Banner
Empty Ad

කාර්මික දෝෂයක් හේතුවෙන් අයිනක නවතා තිබූ රථයේ ගැටුණු පොලිස් රිය – තරුණයෙකු මරුට

සහකාර පොලිස් අධිකාරිවරයකු ගමන් ගත් ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ දී නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් තරුණයකු මිය ගොස් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පවසනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරීවරයා කොළඹ පැවැත්වෙන රාජකාරී කටයුත්තක් සඳහා සහභාගි වීමට ඉහත කැබ්රථයෙන් පැමිණෙමින් සිටියදී ඊයේ (04) මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉහත මෝටර් රථය අධිවේගී මාර්ගයේ අයිනේ නවතා තබා තිබියදී ඉහත පොලිස් ජීප් රථය මෝටර් රථය පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයේ රියදුරු රථයෙන් බැස එහි පිටුපස සිට ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය සඳහන් කළේ.

එම තරුණයා, රථයේ සිටි තවත් පුද්ගලයෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් රථයේ ගමන් ගත් තවත් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ සියලු දෙනා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයා මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කළුතර – දකුණ පදිංචි 34 හැවිරිදි තරුණයෙක්.

පොලිස් කැබ් රථය පැදවූ කොස්තාපල් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?