කාරක සභා දෙකකට නව සභාපතිවරු

තවත් කාරක සභා දෙකකට නව සභාපතිවරුන් පත්කර තිබෙනවා.

යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පත් කර ඇති අතර මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතායි.

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පැවැත්වූ අතර, ලලිත් වර්ණකුමාර මහතා තේරී පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ වීරසුමන වීරසිංහගේ යෝජනා ස්ථිරත්වයෙන්.

මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා ගැනීම පිළිබඳව කෘතවේදීත්වය පළ කළ ලලිත් වර්ණකුමාර මහතා, රට සංවර්ධනය කිරීමේදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභා හරහා අදාළ ක්ෂේත්‍රයන්ට උපරිම දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කළේ.

මේ අතර යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න තේරී පත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරල මහත්මිය සහ අනුර ප්‍රියදර්ශන යාපාගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒ මහතා තෝරා පත්කර ගැනුණා.

‘යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ නව සභාපති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසා සිටියේ, රටේ නීතිය හා යුක්තිගරුකභාවය සම්බන්ධව කටයුතු කරන ආයතන පිලිබඳ මහජනතාවගේ මතය විමසා, ඒ අනුව එම ආයතනවලට දිරිගැන්වීමක් සහ මගපෙන්වීමක් ලබාදීමට නව ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?