කාරක සභා දෙකකට නව සභාපතිවරු

තවත් කාරක සභා දෙකකට නව සභාපතිවරුන් පත්කර තිබෙනවා.

යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පත් කර ඇති අතර මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතායි.

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පැවැත්වූ අතර, ලලිත් වර්ණකුමාර මහතා තේරී පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ වීරසුමන වීරසිංහගේ යෝජනා ස්ථිරත්වයෙන්.

මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා ගැනීම පිළිබඳව කෘතවේදීත්වය පළ කළ ලලිත් වර්ණකුමාර මහතා, රට සංවර්ධනය කිරීමේදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභා හරහා අදාළ ක්ෂේත්‍රයන්ට උපරිම දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කළේ.

මේ අතර යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න තේරී පත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරල මහත්මිය සහ අනුර ප්‍රියදර්ශන යාපාගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒ මහතා තෝරා පත්කර ගැනුණා.

‘යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ නව සභාපති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසා සිටියේ, රටේ නීතිය හා යුක්තිගරුකභාවය සම්බන්ධව කටයුතු කරන ආයතන පිලිබඳ මහජනතාවගේ මතය විමසා, ඒ අනුව එම ආයතනවලට දිරිගැන්වීමක් සහ මගපෙන්වීමක් ලබාදීමට නව ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් අපේක්ෂා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42