කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරු පත් කෙරේ

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම; ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පත් කර ඇති බවයි පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනට පිරිනමා තිබෙනවා.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා වූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු වූ අතර ඵම කාරක සභාවේ සභාපති ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝජ් රාජපක්ෂ සහ අජිත් ගිහාන් යන මහත්වරුන් විසින් මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතාගේ නම යෝජනා කර ස්ථිර කරනු ලැබුවා.

එහිදී වෙනත් කිසිදු නමක් යෝජනා නොවූ බැවින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස මන්ත්‍රී
ආර්.එම්. ගාමිණී රත්නායක මහතා තේරී පත් වූ බව ප්‍රකාශ කෙරුණා.

අනතුරුව ඒ මහතා විසින් රැස්වීමේ මුලසුන දරමින් කාරක සභාවේ සභාපති ලෙස තමා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් පැමිණ සිටි සියලුම සාමාජිකයින්ට ස්තුතිය පුද කළා.

ඒ අනුව ඉදිරියේදී පෙත්සම්කරුවන්ට සහනයක් ලබා දීම සඳහා පෙත්සම් විමර්ශන ක්‍රියාවලිය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව කාරක සභාවේ වැඩි අවධනය යොමු වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගිය 24 වනදා තේරී පත් වුණා.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අභිනවයෙන් රැස්වූ
අවස්ථාවේ දී ඒ මහතා මෙසේ තෝරා පත්කර ගැනුණා.

සභාපති ධුරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරනු ලැබුවා.

මෙහිදී සභාව අමතමින් අභිනව සභාපතිවරයා, කාරක සභාවේ කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සියලු සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් කියා සිටියා.

මේ අතර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ද පසුගිය 24 වැනිදා පළමු වරට පාර්ලිමේතුවේදී රැස් වූ අතර එහිදී අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා ආචාර
ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34