Empty Ad
AFC Banner
Empty Ad

කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරු පත් කෙරේ

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම; ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පත් කර ඇති බවයි පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනට පිරිනමා තිබෙනවා.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා වූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු වූ අතර ඵම කාරක සභාවේ සභාපති ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝජ් රාජපක්ෂ සහ අජිත් ගිහාන් යන මහත්වරුන් විසින් මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතාගේ නම යෝජනා කර ස්ථිර කරනු ලැබුවා.

එහිදී වෙනත් කිසිදු නමක් යෝජනා නොවූ බැවින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස මන්ත්‍රී
ආර්.එම්. ගාමිණී රත්නායක මහතා තේරී පත් වූ බව ප්‍රකාශ කෙරුණා.

අනතුරුව ඒ මහතා විසින් රැස්වීමේ මුලසුන දරමින් කාරක සභාවේ සභාපති ලෙස තමා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් පැමිණ සිටි සියලුම සාමාජිකයින්ට ස්තුතිය පුද කළා.

ඒ අනුව ඉදිරියේදී පෙත්සම්කරුවන්ට සහනයක් ලබා දීම සඳහා පෙත්සම් විමර්ශන ක්‍රියාවලිය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව කාරක සභාවේ වැඩි අවධනය යොමු වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගිය 24 වනදා තේරී පත් වුණා.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අභිනවයෙන් රැස්වූ
අවස්ථාවේ දී ඒ මහතා මෙසේ තෝරා පත්කර ගැනුණා.

සභාපති ධුරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරනු ලැබුවා.

මෙහිදී සභාව අමතමින් අභිනව සභාපතිවරයා, කාරක සභාවේ කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සියලු සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් කියා සිටියා.

මේ අතර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ද පසුගිය 24 වැනිදා පළමු වරට පාර්ලිමේතුවේදී රැස් වූ අතර එහිදී අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා ආචාර
ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
05:24:42
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුව දෙවනත් කරයි - හර්ෂගේ කතාවට ඇමතිවරු නිහඬ වෙයි
17:35
Video thumbnail
බොල්ගොඩ ගඟේ පාවුනු මළ සිරුර රටම හොයන කාන්තාවගෙද ?
02:16
Video thumbnail
පොලිස්පති අල්ලලා දුන්නොත් සල්ලි දෙනවද ?
05:31
Video thumbnail
දයාසිරිට කතාව මැද අද හොඳටම තදවෙයි - අපි මේවා කාටද කියන්නේ දෙයියන්ටද ?
14:02

?