කාරක සභා කිහිපයකට සාමාජිකයන් පත් කෙරේ

නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරයේ ආරම්භයත් සමග කාරක සභා කිහිපයක් සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා.

ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (COPA) සඳහා යි.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුවයි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, මෙම මන්ත්‍රීවරුන්ගේ නම් තේරීම් කාරක සභාව විසින් නම් කර ඇත්තේ.

ඒ අනුව, විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සීතා අරඹේපොල, සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, මධුර විතානගේ, රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් ලෙස නම් කර තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතත් එම කමිටුවේ මෙයට පෙර සභාපති ධූරය දැරූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සාමාජිකයකු වශයෙන් හෝ පත් කර නොතිබීම විශේෂත්වයක්.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (COPA) සඳහා ද සාමාජික මන්ත්‍රීවරයන් නම්‍ කිරීම අද සිදු කෙරුණා.

නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසිනුයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කථානායකවරයා සභාපතිවරයා ලෙසද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙම මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, කංචන විජේසේකර, නසීර් අහමඩ්, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් යන මහත්ම මහත්මීනු යි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කර ඇත්තේ.

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභාවාරය වාර අවසාන කිරීමත් සමග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අහෝසි වුණා.

ඒ අනුවයි ඊට නව සාමාජිකයන් පත් කිරීම සිදු කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02