විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටි කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (22) පැවත් වුණා.
කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති මෙම රැස්වීමට හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ද එක්ව සිටියා.
මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව 2025.02.19 වන දින කතානායකවරයා විසින් විසින් සභාවට නිවේදනය කරන ලද තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් මෙම කරුණු පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානායකවරයා විසින් කතානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබූ අතර, එම ලිපිය මෙහිදී සභාවට කියවනු ලැබුවා.
අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩිකිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව සාධනීය ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ඉතා කඩිනමින් ලබා දෙන බව ද සභානායකවරයා මෙම රැස්වීමේදී වැඩිදුරටත් පැවසුවා.