කාන්තාවක විසින් පදවන ලද ‘එල් බෝඩ්‘ සහිත මෝටර් රථයකට යටවී පුංචි සදෙව් මෙලොවින් සමුගනී

14 හැවිරිදි පාසල් සිසුවකු, කාන්තාවක විසින් පදවන ලද ‘එල් බෝඩ්‘ සහිත මෝටර් රථයකට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි හිරණ පොලිසිය පවසයි.අනතුරින් මියගොස් ඇත්තේ පානදුර, පිංවල සුසාන භූමිය පාරේ පදිංචිව සිටි විහඟ සදෙව් ද සිල්වා නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වෙන දමිළ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී සිය පාපැදියෙන් එමින් සිට මාලමුල්ල, පොකුණ හංදියේ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට මාර්ගය ආසන්නයේ පාපැදිය නවතා සිටියදී අනතුර සිදුව ඇත.

පිංවල දෙසින් පැමිණි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පාපැදියේ ගැටී පාසල් සිසුවා සමග මීටර් 20 ක් පමණ දුරට ඇදීගොස් ජල සම්පාදන මණ්ඩලයට අයත් කොන්ක්‍රීට් කණුවක ගැටී සිරවී නතර දී ඇතැයි පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

රිය පැදවූ පානදුර, වඳුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාව හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34