AFC Banner
Empty Ad
Empty Ad

කාදිනල් හිමිපානණ්ගෙන් සැර ප්‍රකාශයක්

අද කළු ඉරිදාවක් ලෙස සාමකාමී විරෝධතාවක් කතෝලික පිරිස විරෝධතාවයක නියෙලුණා.අප්‍රේල් මස 21 වන දාට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවුණහොත් මීටත් වඩා ශක්තිමත්ව ජනතාව පෙළ ගස්වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළු ඉරිදා විරෝධයට සමගාමීව කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවට අද එක්වෙමින්.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ඉස්ලාම් අන්තවාදීන් අටදෙනෙකු දියත් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී මේ වන විට වසර දෙකකට ආසන්න  වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව පසුගිය දා ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණා. එම වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුලු පිරිසකට අපරාධ චෝදනා ගොනු කිරීම ඇතුලු තවත් නිර්දේශ රැසක් එහි දැක්වුණා.මෙම වාර්තාව ප්‍රකාශයට පත් වීමෙන් පසුව ඊට බොහෝ පිරිසක් විරෝධය පළ කළ අතර, එවන් පසුබිමක් තුළදියි කොළඹ අගරදගුරු පදවිය, අද දිනය කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. ඒ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින්.ඒ අනුව දිවයින පුරා කතෝලික දේවස්ථානවලදී අද කළු ඉරිදා සැමරුම් සංවිධාන කර තිබුණා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ පළමු වේලාව ලෙස සටහන් වූ පෙරවරු 8.45ට සියලු දේවස්ථානවල සීනුව නාද කෙරුණේ ප්‍රහාරයෙන් මිය ගිය බැතිමතුන්සිහි කරමින්.ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙය ආරම්භ කෙරුණේ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම ජනතාවද එක්ව සිටියා.එමෙන්ම, කටුවාපිටිය දේවස්ථානයේ සහ මඩකලපුව සියොන් දේවස්ථානයේද අද සැමරුම් පැවැත්වුණා. මෙම දේවස්ථානවල මෙන්ම දිවයිනේ බෙහෝ දේවස්ථාන වෙත පැමිණි බැතිමතුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක ද නිරත වුණා.කොච්චිකඩේ දේවස්ථානයේ දේව මෙහෙයෙන් අනතුරුව පැවති නිහඩ විරෝධතාවයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එක්ව සිටියා.

එමෙන්ම, කටුවාපිටිය දේවස්ථානයට ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කතෝලික සභාව ප්‍රකාශයට පත්කළ කළු ඉරිදාවට තමන්ගේ සහය ද ලබා දෙන බවයි. ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතිය හමුවට ගෙන ඒමට කඩිනමින් කටයුතු කළ යුතු බව ද එහි දක්වා තිබෙනවා.එසේම කතෝලික සභාව ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාවට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කිතුනු ජනතාව ද සහය පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?