ශේෂාද්‍රි ප්‍රියසාද්ද්‍රි පසුගිය 20 වැනිදා විවාහ දිවියට පිවිසුන. ඇගේ අතිනත ගත්තේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමගයි. මෙලෙස ඇය අලූතෙන් ආරම්භ කළ ජීවිතය ගැන ගැන මෙසේ පැවසුවා.
“මගේ අලූත් ජීවිතයට දැන් සති දෙකක් වෙනවා. අලූත් ජීවිතේ හැමදේම අලූත් කියලයි මට දැනෙන්නේ. දැන් මගේ ජීවිතයේ හැමදේම වෙනස්වෙලා. අපි දෙන්නාම දැන් අලූත් ජීවිතයට හැඩගැසෙමින් ඉන්නවා. මම විවාහ වුණේ හොඳම කාලේ කියලයි හිතෙන්නේ. මගේ විවාහය අගෝස්තු මාසයේ ගන්නවා කියලා තමයි සැලසුම් කරලා තිබුණේ. අන්තිම මොහොතේ අපි සැලසුම් කරපු දිනය වෙනස් වුණා. මට ඕනෑවුණේ බොහොම සරලව වෙඩින් එක කරන්න. අනික මම කොහොමටත් වෙඩින් එකක් ගන්නවා කියන තැන හිටියේ නැහැ. මොකද හිතන්න ඕනෑ වෙඩින් එකෙන් පස්සේ ජීවත්වෙන්නේ කොහොමද කියලා. හොඳ විවාහ උත්සවයක් ගන්න ලොකු මුදලක් යනවා. අපි ඒ මුදලින් අපේම කියලා ගෙයක් හැදුවා. දැන් අපි පදිංචිවෙලා ඉන්නේ ඒ ගෙදර. මෙතැනින් එහාට විවාහ ජීවිතය සතුටින් ගතකරන්න තමයි අපේ ප්‍රධාන අරමුණ.”
















