AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා

සීමිත ඕවර තරගවලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ. මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර හා විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා  පුහුණු වෙමින් සිටියහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති උසස් දස්කම් මධ්‍යස්ථානයේදී වෙනම කණ්ඩායම් 3 ක් ලෙසින් මෙම ක්‍රීඩකයෝ පුහුණු වෙමින් සිටියහ. ආසාදිත ක්‍රීඩකයන් දෙදෙනාම වේග පන්දු යවන්නන් බවද වාර්තා වේ. දැනට ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින එංගලන්ත පිලේ තරග කාලසටහනට එක්දින හෝ විස්සයි-20 තරග ඇතුළත් නොවන හෙයින් ආසාදිත ක්‍රීඩකයන් සහ ගාල්ලේ තරගයට සහභාගි වන ක්‍රීඩකයන් අතර සම්බන්ධතාවක් නැත.

ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.   ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීහු සම්බන්ධතා සොයා ගැනීමේ නිරතව සිටිති.එම ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ පුහුණුව කණ්ඩායම් වශයෙන් සිදු කර ඇති බැවින් සියලුම ක්‍රීඩකයින් ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සෘජුව සම්බන්ධ වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?