ක්ලිනික් යන මුවාවෙන් අයිස් බෙදලා, තරුණ අඹුසැමි යුවළක් කොටු

ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹුසැමි යුවළක් නාවලපිටිය පොලිසිය මඟින් අද (26) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අඹුසැමි යුවළ විසින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන, යතුරුපැදියකින් ගොස් ගම්පොළ, නාවලපිටිය යන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

ඒ, අනුව නාවලපිටිය දොළොස්බාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිළ නිවස අසළ ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබමින් සිටිය දී මෙම යුවළ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සැකකරු සහ සැකකාරිය පරීක්ෂා කිරීමේ දී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් පැකට් 52ක ඇසුරුම්කර මොවුන් විසින් සඟවාගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.

ඉන් කොටසක් සැකකාරියගේ යට ඇදුම්වල සඟවාගෙන සිටිය දී සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් විසින් එක් අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 7000ක පමණ මුදලකට අලෙවි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර අඹුසැමි යුවළ ගම්පොළ, කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 27 යන වයස්වල පසුවන දෙදෙනෙක්.

මොවුන් විසින් ‘ඩුබායි තාරු’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට ප්‍රදේශය පුරා මේ ආකාරයට බෙදාහැර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (26) දින ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
7
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34