AFC Banner
AFC Banner
Empty Ad

ක්ලබ් වසන්තගේ ඝාතනයට ඇල්ලු සැකකරුවන් තවදුරටත් සිපිරිගෙයි රඳවන ලෙසට නියෝග

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාස තුනක රැඳවුම් නියෝග ලබා සිටි වෙඩික්කරුවන් දෙදෙනා සමගින්
සැකකරුවන් 05 දෙනා සහ බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 15 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින්.

මෙම සැකකරුවන් අතුරින් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සහ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය භාරයේ සිටි වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ලබන නඩු දිනයේ දී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?