ක්ලබ් වසන්තගේ අවමඟුල දා මල් ශාලාවට ආ කෝල්ස් ගැන උසාවියෙන් නියෝගයක්

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ ප්‍රහාරයට ලක් ව ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්ත නමැති අයගේ මෘත දේහය ඉවත් කර ගන්නා ලෙස දන්වමින් බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍ය ශාලාවකට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා දුරකථන වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා බොරැල්ල පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයන් කවුද යන්න පිළිබඳ ව හඳුනා ගැනීම සඳහා අදාළ ආයතනවලින් දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසට බොරැල්ල පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

එම අවමංගල්‍යය ශාලාවට අවස්ථා දෙකක දී දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් එක් අවස්ථාවක දී කංජිපානි ඉම්රාන් නමින් හා තවත් අවස්ථාවක දී කංජිපානි ඉම්රාන් නමැත්තාගේ ගෝලයකු වශයෙන් පෙනී සිටිමින් මෙම දුරකථන ඇමතුම් ලබා දී ඇති බවට මේ වන විට සිදුකර තිබෙන මූලික විමර්ශන අනුව පෙනී යන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.

පොලිසිය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියට අදාළ දුරකථන වාර්තා ලබා ගැනීම සඳහා පොලිසියට මෙලෙස අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07