ක්ලබ් වසන්තගේ අවමඟුල දා මල් ශාලාවට ආ කෝල්ස් ගැන උසාවියෙන් නියෝගයක්

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ ප්‍රහාරයට ලක් ව ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්ත නමැති අයගේ මෘත දේහය ඉවත් කර ගන්නා ලෙස දන්වමින් බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍ය ශාලාවකට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා දුරකථන වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා බොරැල්ල පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයන් කවුද යන්න පිළිබඳ ව හඳුනා ගැනීම සඳහා අදාළ ආයතනවලින් දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසට බොරැල්ල පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

එම අවමංගල්‍යය ශාලාවට අවස්ථා දෙකක දී දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් එක් අවස්ථාවක දී කංජිපානි ඉම්රාන් නමින් හා තවත් අවස්ථාවක දී කංජිපානි ඉම්රාන් නමැත්තාගේ ගෝලයකු වශයෙන් පෙනී සිටිමින් මෙම දුරකථන ඇමතුම් ලබා දී ඇති බවට මේ වන විට සිදුකර තිබෙන මූලික විමර්ශන අනුව පෙනී යන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.

පොලිසිය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියට අදාළ දුරකථන වාර්තා ලබා ගැනීම සඳහා පොලිසියට මෙලෙස අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?