ක්‍රීඩා පිටියට පැමිණි අමුත්තන් නිසා පාසල් දරු දැරියන් භීතියට

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩස් ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසළ විශාල නරි රංචුවක් සැරි සැරීම හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ආචර්ය මණ්ඩලය දැඩි භීතියට පත් වී තිබෙනවා.

ක්‍රීඩා පිටියට ආසන්නයේම පිහිටි ඉලුක් රක්ෂිතය තුළින් නරියන් උදෑසන කාලයේ ක්‍රීඩා පිටිය අසළට පැමිණ කෑ ගසන බවත්, පවත්නා තත්වය මත ළමුන්ට ක්‍රීඩාංගනයේ සෙල්ලම් කිරිමට පවා නොහැති තත්වයක් උද්ගත වි ඇති බවයි විදුහල්පතිවරයා සහ
ආචාර්ය මණ්ඩලය පවසනවා.

පාසල් අවට සැරි සරන නරි රංචුව අල්ලා වෙනත් සුදුසු ස්ථානයකට රැගෙන ගොස් මුදා හරින ලෙස අදාළ වග කියයුතු නිළධාරින්ගෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
5
+1
10
+1
8
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?