ක්‍රිකට් ආයතනය පරීක්ෂණවල දත්ත මැකීමේ උත්සාහයක (වීඩියෝ)

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීමට අදාළ මුදල සොයාගැනිමේ දුෂ්කරතාවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති නීතිඥ ආචාර්ය චානක සේනානායක ඊයේ (11) සඳහන් කළේ.

කෙසේ වෙතත් ධනුෂ්කට එල්ල වී ඇති ස්ත්‍රී දූෂණ චෝදනාව නඩු විභාගයකින් තොරව මෙය සමථයකට පත් කර ගැනීමට ද නීතිඥ මණ්ඩලය විසින් උත්සාහ දරණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර, ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සඳහා වන ඇප මුදලෙන් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග විසින් ගෙවීමට ද පොරොන්දු වී ඇති බවයි ආචාර්ය චානක සේනානායක මෙහිදී පවසා සිටියේ.

එමෙන්ම ඩොලර් 50,000ක මුදලක් ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ගෙන් ද ඉල්ලා සිටි බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ආචාර්ය චානක සේනානායක චෝදනාවක් එල්ල කරමින් සඳහන් කළේ මෙම පරීක්ෂණවල දත්ත මැකීමට සහ ලිපිගොනු අස්ථානගත කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි උත්සාහයක නිරතව සිටින බවයි.

https://youtu.be/YKJCrEvexSg

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34