ශ්රී ලංකා ක්රිකට් ආයතනය හෝ බන්ධනාගාරගතව සිටින ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටීමට හෝ කිසිදු ආකාරයක ප්රකාශයක් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ශ්රී ලංකාවේ කිසිදු නීතීඥයෙකුට බලය පවරා නොමැති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥයන් කිහිප දෙනෙකු විසින් මෑතක දී කරන ලද සමහර ප්රසිද්ධ ප්රකාශයන් තුළින් ඔහු ශ්රී ලංකා ක්රිකට් වෙනුවෙන් පෙනී සිටිනවා ය යන හැඟීම ඇති කරන බව ක්රිකට් ආයතනයට නිරීක්ෂණය වූ බව ක්රිකට් ආයතනය දන්වන්නේ














