කළුතර සිසුවියගේ සිද්ධියේ සැකකරුවන් 04ක් අධිකරණයට – පිරිසක් අධිකරණය අසල විරෝධයේ (වීඩියෝ)

කළුතර පස්මහල් ලැඟුම්හලකින් ඇදවටී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව්දෙනා දැඩි ආරක්ෂක රැකවල් මැද අද (15) පෙරවරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රෙගනවිත් තිබෙනවා.

මියගිය පාසල් සිසුවිය ලැඟුම්හලට කැඳවාගෙන ආ ඇයගේ 19 හැවිරිදි මිතුරිය, මිතුරියගේ පෙම්වතා, ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු මෙලෙස අධිකරණය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ, මියගිය සිසුවියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී නිහඩ විරෝධතාවකද නියැලී සිටි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/P9eJ813EEpk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
13
+1
1
+1
19
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?