කළුතර සිට මරදානට එන කෝච්චියක ගින්නක් – කොළඹත් දුම්රියක් පීලි පනී

දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියක අද (15) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

දුම්රියේ පිටුපස එන්ජිමේ කොටසක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්න පාලනය කිරීමට දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ දුම්රිය නියාමකවරුන් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් එන්ජිමට බරපතළ හානියක් සිදුව නොමැති අතර, මේ වන විට දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ නවතා තිබෙනවා.

මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එන්ජිම අද (15) උදෑසන මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ; දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07