Empty Ad
AFC Banner
Empty Ad

කළුතර සිට මරදානට එන කෝච්චියක ගින්නක් – කොළඹත් දුම්රියක් පීලි පනී

දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියක අද (15) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

දුම්රියේ පිටුපස එන්ජිමේ කොටසක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්න පාලනය කිරීමට දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ දුම්රිය නියාමකවරුන් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් එන්ජිමට බරපතළ හානියක් සිදුව නොමැති අතර, මේ වන විට දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ නවතා තිබෙනවා.

මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එන්ජිම අද (15) උදෑසන මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ; දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:57
<p>?</p>