කළුතර වෙඩි තැබීමට වැලිපැන්නේ දී සැකකරුවෙක් අල්ලයි

පසුගිය මැයි මස 28 වනදා උදෑසන කළුතර දකුණ පොලිස් වසමේ වෙට්ටුටකය පල්ලිය පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (07) වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි
වයස අවුරුදු 36ක අයෙක්.

මේ අතර මෙම වෙඩි තැබීම සිදුකළ බව කියක වෙඩික්කරු ද පොලිසිය විසින් පසුගිය 02 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 වන සම්පත් කුමාරතුංග නොහොත් ‘බෝංචියා’ යන අනුවර්ත නාමයෙන් හැඳින්වෙන අයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted