කළුතර වටේම පෙති බෙදූ ‘පෙති රුකා’ අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට කළුතර සහ ඒ අවට ප්‍රදේශ රැසකටම මත්කරල් ජාවාරමේ නිරත වූ ‘පෙති රුකා’ නමින් හඳුන්වන සැකකරුවෙක් කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර තොටුපළ පාරේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බාල වයස්කරුවන් සහ උපකාරක පංතිවලට සහභාගී වන සිසුන් හා විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඉලක්ක කරගෙන සැකකරු මෙම මත්පෙති ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී මත්කරල් 400 කට ආසන්න ප්‍රමාණයක් සහ කේරල ගංජා ග්‍රෑම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරු මීට පෙර ද මත්කරල් හා මත්පෙති ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින ලේඛනගත සැකකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 29ක් වන මෙම සැකකරු අද (17) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?