කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

කහවත්ත ප්‍රදේශයේ තරුණයෙක් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් දෙදෙනා අද (17) දින පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.