වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහුගේ නිවසට ගියෙමු. මාධ්‍යවේදියෙකු ලෙස දවස පුවත්පතේ සේවය කරන ලද ඔහු, අමාත්‍යංශ ගණනාවක රජයේ ජ්‍යෙෂ්ඨ පුවත් නිලධාරියෙකු ලෙස සේවය කළේය. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු, අමාත්‍යාංශ උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන ලද ඔහු, වික්ටර් සමග ලෙන්ගතු දයාවකින්, දශක ගණනාවක් අඛණ්ඩව කටයුතු කළේය. වික්ටර් දෙවැනි වරට, විවාහය සඳහා පිවිසෙන විට, ඒ සඳහා පිටත් වූයේ, ඔහුගේ දියණියගේ නිවසේ සිටය. එම කසාදයට වික්ටර් වෙනුවෙන් අත්සන් තැබුවේ දයාය. ඒ තරමට වික්ටර් – දයා මිත‍්‍ර සන්ථවය ප‍්‍රබලය. සිය මිතුරාට සිදු වූයේ කුමක්ද…? ඒ ප‍්‍රශ්නය සඳහා දයා විජේසේකර මහතා දුන් පිළිතුර මෙසේය.
ප‍්‍රශ්නය – ඔබට මුලින්ම වික්ටර් රත්නායක මහතා හමුවන්නේ කොහොමද…?
පිළිතුර – වික්ටර් රත්නායක මහතාව මම මුලින්ම දැක්කේ 1970 වසරේදී. එදා පත්වූ නව ආණ්ඩුව වෙනුවෙන් ‘ජනතා ජයග‍්‍රහණය’ කියලා, නිදහස් චතුරශ‍්‍රයේ උත්සවයක් පැවැත්වුණා. ඒ සඳහා ‘අරුණු රැසක්…
රැසක්…රැසක්…’ කියන ගීතය ඔහු ගායනා කළා. එදා තමයි, මම මුලින්ම ඔහුව දැක්කේ. හැබැයි මම ඔහුව හඳුනාගන්නේ, පේ‍්‍රමකීර්තිගේ මාර්ගයෙන්… පේ‍්‍රමකීර්ති ද අල්විස් සහ මම දවස පත්තරයේ එකට වැඩ කළා. දවසක් මම, පේ‍්‍රමකීර්ති හමුවීම සඳහා ඔහුගේ නිවසට ගියා. ඔහු එතකොට හිටියේ නුගේගොඩ, පාගොඩ පාරේ… පේ‍්‍රමකීර්ති ඒ වෙලාවේ වික්ටර්ගේ ගෙදර ගිහින්… ඊට ගෙවල් හතරක් එහායින් තමයි වික්ටර් හිටියේ. මම, පේ‍්‍රමකීර්ති හොයාගෙන එහෙට ගිහින් තමයි, මුලින්ම වික්ටර් හඳුනා ගන්නේ… ඒ, 1971 වසරේ විතර…
ප‍්‍රශ්නය – ඊට පසුව ඔබ සහ වික්ටර්, කුළුපග මිත‍්‍රයන් වෙනවා..
පිළිතුර – ඔව්… අපි දෙන්නා සහ පවුල් දෙක එකට ගමන් බිමන් යන තරමට මිත‍්‍ර වෙනවා, ඒ ගැන කියන්න දෙයක් නැහැ. අපි එක පවුලක් වගේ තමයි ජීවත් වෙන්නේ…
ප‍්‍රශ්නය – වික්ටර් රත්නායක මහතා දෙවැනි වරට විවාහ වෙන්න යන අවස්ථාවේ දී ඒ සඳහා ඔහුගේ දරුවන් විරුද්ධ වෙනවා. එහිදී ඔබ දරන්නේ කිනම් ස්ථාවරයක් ද…?
පිළිතුර – මේ කතාව මට ආරංචි වෙනවා. ඒ වුණාට මම ඔය ගැන වික්ටර්ගෙන් අහන්න ගියේ නැහැ. එයා මට කිව්වෙත් නැහැ. අපි දෙන්නා වෙනදා වගේ ආශ‍්‍රය කළා. කතා කළා. එක දවසක් ජයන්ත මට කතා කරලා
”දයා මාමා… හරි වැඬේ… ඊයේ ඉඳන් තාත්තා ආයෙත් බොනවා …’’ කියලා කිව්වා…
”ඒ මොකද කියලා’’ මම ඇහව්වා
” පොඩි අවුලක් වුණා ඊයේ… අපි ගිහිල්ලා, ඊයේ තාත්තාට අවවාදයක් දුන්නා. තාත්තා අපි සේරම එලෙව්වා. මරණයටවත් එන්න එපා කිව්වා…’’
මම ඒ පාර, වික්ටර් බලන්න ගියා.
”මොකද වුණේ…ජයන්ත මට විස්තරයක් කිව්වා’’
” ඔව් මචං… මම දන්න ළමයෙක් මෙහෙ ඇවිල්ලා හිටියා… මුන් කට්ටිය එකතුවෙලා, ඒ ළමයට ගහලා එලෙව්වා…’’
”කවුද ගැහැව්වේ…’’
”ලෙලූම්ගේ වයිෆ් තමයි ගැහැව්වේ… මම මචං, මුන් ඔක්කොම ගෙදරින් එලෙව්වා…’’
” දැන් මොකක්ද උඹ කරන්න හදන්නේ’’
”බෝතලයක් ගෙනහල්ලා බොමු…’’
” දැන් බොන්න බැහැ… මුලින්ම මේක කතා කරලා ඉවරයක් කරගමු… උඹ මේ ගැන හරියට තීන්දුවක් ගනින්…’’
” ඒක තමයි මචං, මම මේ ඒ ගැන හිත හිත දෙගිඩියාවෙන් ඉන්නේ…’’
” මේ වැඬේ සීරියස් ද…’’
”ඔව් මචං දැන් අවුරුදු ගාණක් අපි මේ ආශ‍්‍රය කරගෙන ගියා… ඒ ළමයත් කැමතියි… දැන් මේක නවත්වන්න බැහැ.’’
” එයා කැමති නම් උඹව බඳින්න, උඹ කැමති නම් එයාව බඳින්න, ඇයි යකෝ මේ හොරට ඉන්නේ… නීත්‍යනුකූලව කරන දෙයක් කරපන්… නැත්නම් මේක නවත්වපන්… උඹලා දෙන්නා ස්වාධීන මිනිස්සුනේ…’’
මෙහෙම කතා කරලා, මම එන්න ආවා. පහුවදා වික්ටර් ඇවිල්ලා, මාව හමු වුණා.
”මචං වැඬේ බරපතළයි. මට මොකක් හරි තීන්දුවක් ගන්න ඕනේ… උඹ මොකක්ද මේ ගැන කියන්නේ…’’
”මුලින්ම උඹේ තීන්දුව කියපන්…’’
”ඒ ළමයා බඳින්න කැමතියි. මාත් කැමතියි…’’
”එහෙනම් මේ වැඬේ කරපන්…’’
”කොහොමද මචං මේක කරන්නේ’’ කියලා වික්ටර් මගෙන් ඇහැව්වා…
මේ වෙනකොටත් මම මේ ගැහැනු ළමයාව හඳුනන්නේ නැහැ… ඒත් වික්ටර් වෙනුවෙන් මම ඔහුගේ විවාහය සඳහා කටයුතු, ඉතා රහසේම, රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයේ සූදානම් කළා. මමයි, මගේ වයිෆ් වික්ටර් එක්ක, එක කාර් එකේ එතැනට ගියා. ළමයත් අපිත් එක්ක, අපේ ගෙදර ඉඳලා වෙන කාර් එකක ආවා. වික්ටර්ගේ පැත්තෙන් මම අත්සන් කළා. අර ළමයාගේ පැත්තෙන්, හොංකොං විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි කථිකාචාර්යවරයකු වෙන ජෝර්ජ් අත්සන් කළා. ඔහුත් වික්ටර්ගේ මිත‍්‍රයෙක්… එතකොට වික්ටර්ට හැත්තෑ පහයි… ඒ ළමයාට අවුරුදු තිස් දෙකයි…
ප‍්‍රශ්නය – මේක නොගැළපෙන කසාදයක් කියලා ඔබට හිතුණේ නැද්ද…?
පිළිතුර – පළවෙනි දේ තමයි, ඒ දෙන්නාගේ කැමැත්ත… ඒ වෙනකොට වික්ටර්ගේ දරුවෝ ඔක්කොම බැඳලා හිටියේ… බිරිය මැරිලා අවුරුදු දහතුනක් වෙනවා… මේ මනුස්සයාට කාත් කවුරුත් නැතුව ඔහේ ඉන්න බැහැනේ… මේ නිසා, ඒ පැත්තෙන් තමයි මම බැලූවේ… අනිත් එක දරුවෝ එපා කියපු එක, මම එපා කිව්වට නවතින්නේ නැහැනේ..
ප‍්‍රශ්නය – මේ භාර්යාව නිසා ඒ මහා කලා පෞරුෂය වෙනස් වුණා කියන එක හැමෝම කිව්වා…
පිළිතුර – ඔය ඊයේ පෙරේදා ආපු වීඩියෝ එක එනකම්, මම එහෙම හිතුවේ නැහැ. මොකද වික්ටර් කියන්නේ, ප‍්‍රතිපත්තිගරුක, කොන්ද කෙළින් තියාගෙන ඉන්න, නම්බුකාර, ආගමානුකූල කෙනෙක්… ඔහුව මෙතැනට වෙනස් කිරීම ලෙහෙසි දෙයක් නෙමෙයි. එදා මම හිටියේ, මේ දෙන්නාගේ කැමැත්තට සහ වික්ටර්ගේ යහපතට මේ විවාහය හේතුවක් කියන මතයේ… එහෙම වුණාට අද මම ඒ මතය දරන්නේ නැහැ. මම ඒ මතය දැන් වෙනස් කරලා, මේ මිනිහව, විනාශ කළේ මේ ගැහැනිය කියලා, මම කියනවා.
ප‍්‍රශ්නය – අසරණව වැටී සිටි, වික්ටර් රතනායකයන්, මේ විවාහයෙන් පස්සේ, යළි ප‍්‍රමුදිත වුණා කියලා කියන්න පුළුවන්…?
පිළිතුර – වික්ටර්ගේ නව නිර්මාණ එළි දැක්කේ නැහැ. ඒත් ඔහුට ගොඩක්, සංදර්ශන සඳහා සහභාගි වෙන්න පුළුවන් වුණා. ඒවායෙන් හොඳ ආදායමක් ලැබුණා. මේ බිරින්දෑට ලොකු ආර්ථික ප‍්‍රශ්න ගණනාවක් තිබුණා. උන්දැ, බැංකුවේ වැඩ කරන කොට කරපු වංචාවක් නිසා, ලොකු නඩුවකට පැටලිලා හිටියා. ඒ නඩුවෙන් ඇය රිමාන්ඞ් වෙලා හිටියා. අඟුණකොලපැලැස්සේ බන්ධනාගාරයේ තමයි හිටියේ… මාත් බලන්න ගියා. වික්ටර් එක්කමයි ගියේ… තාම ඒ නඩුව තියෙනවා. මෙයාට වික්ටර්ගේ සල්ලි ලොකු වුණා.
ප‍්‍රශ්නය – මේ කාන්තාව මොන ආගමේද…?
පිළිතුර – මුල් වෙලාවේ එහෙම ආගමක් ගැන මම නම් දැනගෙන හිටියේ නැහැ…
ප‍්‍රශ්නය – වික්ටර්ගේ සහ ඇයගේ නිවසේ, ආගමික පසුබිම කොහොමද තිබුණේ…?
පිළිතුර – වික්ටර්ගේ ගෙදර මෙයින් හෝල් එකෙන් එළියේ, තාප්පය අයිනේ, ලස්සන, ලොකු බුදු පිළිමයක් තිබ්බා. තාප්පයට අල්ලලා, ගල් ගුහාවක් වගේ හදලා, අඩි තුනක විතර ලස්සන බුදු පිළිමයක් තියලා තිබ්බා. එතැන ඉස්සරහ පොන්ඞ් එකක් හදලා, මල් වවලා, තිබ්බා. වික්ටර් උදේ හවා, ඒ පිළිම වහන්සේට මල් පූජා කරනවා. එහෙම තමයි ඒ ගෙදර පරිසරය තිබුණේ… වික්ටර් බෞද්ධාගම ගැන හොඳ දැනීමක් තිබ්බ කෙනෙක්… ඔහුගේ නිවසේ බෞද්ධාගම ගැන මහා පොත් ගොඩක් තියෙනවා. ඒ වගේම ටී. එන්. එල්. නාලිකාවේ, ස්වාධීන රූපවාහිනියේ බෞද්ධාගමික වැඩසටහන් සඳහා ඔහු සහභාගි වුණා.
ප‍්‍රශ්නය – මේ අතරේ වික්ටර් අසනීප වෙනවා…
පිළිතුර – ඔව්… දිගටම එයාට උණ ගන්නවා… අර මනුස්සයා මට කතා කරලා ”බලන්නකෝ දයා අංකල්, උදේටත් උණ, හැන්දෑවටත් උණ… මොකද කරන්නේ කියලා, මගෙන් ඇහැව්වා… ඒ පාර පරීක්ෂණ ගණනාවක් කළා. ගිය අවුරුද්දේ, පෙබරවාරි අග වගේ වෙනකොට, වික්ටර්ගේ කකුල් දෙක ඉදිමුණා… මෙයාට ඇවිද ගන්න බැරිවෙන ගාණට ආවා… මෙහෙම යනකොට අපිට වෛද්‍යවරු කිව්වා, අක්මාවේ ආබාධයක් තියෙනවා කියලා. ඒ සඳහා ශල්‍යකර්මයක් කරන්න තිබ්බා. ඒක නොපමාව කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තිබ්බා. එහෙම තියෙද්දී පෙබරවාරි මාසයේ ගෙදර ආවා. ආයෙත් අසනීප වුණා. ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරු මාර්තු මාසයට දින දීලා තිබ්බා. ” මාර්තු මාසයේ මට ෂෝස් ගාණක් තියෙනවා. ලක්ෂ විසි අටක් විතර මට එන්න තියෙනවා. මම දැනටමත් ලක්ෂ අටක් විතර, ඇඞ්වාන්ස් අරගෙනයි, තියෙන්නේ… ඒ නිසා මේක අපි අපේ‍්‍රල් වල කරමු.’’ කියලා, වික්ටර් මට කිව්වා. මාර්තු අගවෙනකොට කොරෝනා ආවා. ෂෝස් එහෙම්ම නතර වුණා. ලෙඬේ වැඩි වුණා. පස්සේ, ශල්‍යකර්මය, බාහිරින්, අලූත් ක‍්‍රමයට කළා. ශල්‍යකර්මය සාර්ථක වුණා… ටිකට් කපන් එන්න හදන කොටම, හාර්ට් ඇටෑක් එකක් ආවා.
ඒ වෙලාවේ එයාට හුඟක් අමාරු වුණා… මළ මිනියක් දාලා වගේ තමයි ඇඳේ හිටියේ..
ඔහුට දොස්තරලා ප‍්‍රතිකාර කළේ නොමිලේ… මහාචාර්ය සමන් කේ. ගුණතිලක, විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන වගේ අය පුදුම කැපවීමකින් වික්ටර් බලා ගත්තා. දොස්තරලා, වික්ටර්ට කතා කළේ ”සර්’’ කියලා. එතරම් ගෞරවයකින් තමයි, ඔවුන් කටයුතු කළේ…
වික්ටර්ට සිහිය ආවාට පස්සේ, වෛද්‍යවරු උපදෙස් දුන්නේ, හිතවත්ම අයට ඔහුත් එක්ක කතා කරන්න, එන්න යන්න ඉඩ දෙන්න කියලයි. ඒත් පැමිණෙන පිරිස සීමා කරන්නත් ඕනේ. මොකද විෂබීජ යන්න ඉඩ තියෙන නිසා… ඒ අනුව වික්ටර්ගෙන් එන්න, කතා කරන්න කැමති අයගේ නම් කියලා අහලා තියෙනවා. එයා කැමති වුණේ, මායි කුලයයි (කුලරත්න ආරියවංශ) එනවට… සිහිය ආවාම ඔක්කොම හොඳට මතකයි… ඊට පස්සේ මාස දෙකක් තුනක් පිශියෝ තෙරපි කළා. මම ඒ හැමදාම ගියා. මේ වෙනකොට ලොකු බිලක්, රෝහල් ගාස්තු විදිහට ගෙවන්න තිබ්බා. ලක්ෂ විසි අටක් විතර බිල තිබුණා. ඒ වෙනකොට සල්ලි ඉවරවෙලයි තිබ්බේ. මම මුල් වෙලා අරගෙන දුන්න, ප‍්‍රිමියෝ කාර් එක, මම ලක්ෂ අසූ දෙකකට විකුණලා දුන්නා. ඊට පස්සේ, එයාගේ වයිෆ්ගේ අක්කලාගේ ගෙදර තමයි ඇවිල්ලා හිටියේ… මම ඉතින් හැමදාම බලන්න යනවා. මගේ කාර් එකේ ඇවිදින්න එක්කගෙන යනවා.
මේ වෙනකොට මම දේවල් කිහිපයක් නිරීක්ෂණය කළා. වික්ටර් රෝහලේ ඉන්නකොට, එයාගේ රූම් එක ඇතුළේ, යේසුස් වහන්සේගේ පින්තූරයක් තියලා, ලාම්පුවක් පත්තු කරලා තිබ්බා. මම හිතුවේ එයාගේ වයිෆ්ගේ ආගම තමයි මේක. ඒ නිසා මෙහෙම කරනවා ඇති කියලා. මම දවසක් වික්ටර්ගේ අතුරුගිරියේ ගෙදරට ගියා. එතකොට අර, මනරම් බුදුපිළිමය තිබ්බේ නැහැ. ඒ වෙනුවට එතැන, බයිබල් පාඨයක් ගහලා තිබ්බා. ගෙදර උළුවස්සේ තිබ්බ, බුදු සරණයි කියන බෝඞ් එක ගලවලා, එතැනත් බයිබල් වාක්‍යයක් ගහලා තිබ්බා. වික්ටර්ගේ ගෙදර තිබ්බ, බෞද්ධ පොත් පත් ටිකත් පල්ලියෙන් ඇවිල්ලා, ලොරියක දාගෙන විනාශ කරන්න අරගෙන ගියා කියලා, මට ආරංචියක් පස්සේ කාලෙක අහන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක දැක්කේ…
ප‍්‍රශ්නය – මොකද මෙහෙම වුණේ…?
පිළිතුර – වික්ටර්ට සිහිය නැතිවනේ හිටියේ… අර මනුස්සයා, මෙයාට කියලා තියෙන්නේ ”ඔයාව බේරාගත්තේ දෙවියන් වහන්සේ…’’ කියලයි. එතකොට දොස්තරලා කරන්න තියෙන ඔක්කොම කරලයි තිබ්බේ. ඒ අය එහෙම කිව්වා… ඒක ඇත්ත… ඒ වුණාට දොස්තරලා අතහැරියේ නැහැ. පුදුම කැපවීමකින්, වික්ටර් වෙනුවෙන් ඔවුන් සේවය කළා. දිගින් දිගටම ප‍්‍රතිකාර කළා. පැයෙන් පැයට, දොස්තරලා මෙයා ගැන හොයලා බැලූවා.
ප‍්‍රශ්නය – මේ සාකච්ඡා වට පෙර වික්ටර් රත්නායක මහතාව හමුවුණේ කවදාද…?
පිළිතුර – ගිය සතියේ අපේ ගෙදර ආවා. එදා කුලයත් ආවා. උදේ ඇවිල්ලා, කාලා බීලා හවස තමයි, වික්ටර් ගියේ… වික්ටර්ගේ උපන් දිනය පෙබරවාරි දහ අටවෙනිදා… ඒ නිසා මොකක් හරි වැඩක් කරමු කියලා, කුලයත් එදා කිව්වා. එංගලන්තයේ පිරිසකුත් විශාල මුදලක් උපන් දිනේට වියදම් කරලා, ඒ වෙනුවෙන් රූප රචනා දාලා, වීඩියෝ වගයක් හදන්න පටන් ගෙන තිබුණේ…
ප‍්‍රශ්නය – ඔය අතරේ, අර වීඩියෝව ඔබ දකිනවා…
පිළිතුර – ඔව්… මම ඉතින් දවස් දෙකකට තුනකට පාරක් එයාට කතා කරනවනේ… ඒ වගේ මම කතා කළා…
”කොහොමද මචං’’
”දැන් නම් හොඳයි මචං… මම උඹට හෙට උදේ කෝල් එකක් දෙන්නම්…’’ කියලා වික්ටර් ඒ වෙලාවේ ෆෝන් එක තිබ්බා. පහුවදා උදේ එයා කතා කළේ නැහැ. මම අඟහරුවාදා උදේ කතා කළා. එතකොට මට අර වීඩියෝ එක ගැන ආරංචිය ඇවිල්ලා, ඒක බලලයි තිබ්බේ… මම ඒක දැක්ක ගමන් දෙන්නගේ ෆෝන් වලට ගත්තා. දෙකෙන් එකක්වත් ආන්සර් කළේ නැහැ. හැන්දෑවේ හයාමාරට විතර වික්ටර් මට කතා කළා…
” උඹ ඊයේ කතා කරනකම් මම බලාගෙන හිටියා…’’
”ඔව් බං මට කතා කරන්න බැරි වුණානේ…’’
”මොකක්ද බං, මේ උඹේ වීඩියෝ එකක් හෝ ගාලා යන්නේ…’’
”ඔව්නේ මචං… අර මගේ උගුරේ තිබ්බ අමාරුව අයින් කළානේ…’’
”කවුද මචං ඒ උගුරේ එක අයින් කළේ… කොහෙද හොස්පිටල් එක…’’
”නැහැ මචං… දෙවියන් වහන්සේ අයින් කළානේ…’’
”දෙවියන් වහන්සේ උගුරේ අමාරුව අයින් කළා…?’’
”ඔව් මචං, දෙවියන් වහන්සේ මගේ උගුරේ අමාරුව අයින් කළා… මගේ කිඞ්නි එකේ අමාරුව සනීප කළා… මගේ ලිවර් එකේ ආබාධය සනීප කළා. මගේ ලංග්ස් වල අමාරුව සනීප කළා. හාට් එක සනීප කළා. ඔක්කොම දෙවියන් වහන්සේ කළේ…’’
” දෙවියන් වහන්සේ කොහොමද මචං ඒක කරන්නේ… උඹ හොස්පිටල් එකේ නතර කරලා, නහයෙන් බට දාලා, මාස තුනහමාරක් ඉඳලනේ සනීප කර ගත්තේ…’’
”නැහැ මචං… දොස්තරලා බැහැ කියලා, මාව අත ඇරියනේ මචං… ඊට පස්සේ මාව භාර දුන්නේ දෙවියන් වහන්සේට… දෙවියන් වහන්සේ තමයි, මාව බේර ගත්තේ…’’
”උඹ විශ්වාස කරනවාද ඕක…’’
”ඔව් මචං…’’
”උඹ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්… දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නැහැ…එයාට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් නම්, අර ඉතාලියේ ලක්ෂ ගාණක් මැරිලා, එයාට කියපන්, ඒ මිනිස්සුන්ට උදව් කරන්න කියලා… ඇයි බං, ඔය වගේ බොරුවලට රැවටෙන්නේ…’’
”මම රැවටිලා නැහැ… මම උන් වහන්සේගේ බලය විශ්වාස කරනවා… උන් වහන්සේ තමයි මාව බේරා ගත්තේ…’’
”උඹ ඔහොම රැවටුනාට, අපිට ප‍්‍රශ්නයක් තියෙනවා… උඹ හෂිනි අමේන්ද්‍රගේ දෙවැනි මිනිහා වුණාට, උඹ මේ රටේ ජාතික වස්තුවක්… උඹට මේ රටේ මිනිස්සු ආදරෙයි… උඹ ඒ ඔක්කොම බල්ලට දාලා මේ වගේ වැඩ කරන එක හරිද…?’’
”එහෙම කතා කරන්න එපා මචං… මගේ විස්වාසය මට ලොකුයි…මේක මගේ කැමැත්ත…’’
”මට මේ වීඩියෝ එක දැකපු අය කිහිප දෙනෙක් කිව්වේ, උඹ ඒ වෙලාවේ මළා නම්, ගෞරවාන්විතව මළේ කියනවා… දැන් උඹ බල්ලෙක් වෙලා මැරෙන්නේ කියලා…’’
”එහෙම කියන්න එපා…’’
”උඹේ ජීවිතය බේර ගන්න හෂිනි කැපවුණා. ඒ ගෞරවය, ඒ මනුස්සයාට අයිතියි… ඒ වගේම උඹේ ගෞරවය විනාශ කිරීමේ සාපයත් ඒ මනුස්සයාට අයිතියි…’’
මේ කෝල් එක දෙනකොට හෂිනිත් ළඟ හිටියා කියන එක මට තේරුණා…
”කොහෙන්ද මේ දෙවියන් වහන්සේ උඹට හම්ඹු වුණේ…’’ කියලා මම ඇහැව්වා…
එතකොට හෂිනි කියනවා, ”ජාඇල කියන්න… ජාඇල කියන්න…’’ කියලා.
”ජාඇල දී මචං…’’
”උඹ ආයෙත් සැරයක් අසනීප වුණොත් යන්න වෙන්නේ දෙවියන් වහන්සේ ගාවට… මේ සැරේ ගියොත් ආයෙත් ගෙදර එන්න වෙන්නේ නැහැ…’’ කියලා මම කිව්වා.
ඒ එක්කම එයා කෝල් එක කට් කළා…
ඕක තමයි කතාව…
මේ ඔක්කොම වුණේ, මෙයාව බේරා ගත්තේ දෙවියන් වහන්සේ කියන එක හෂිනි මෙයාගේ ඔළුවට දැමීමෙන්…
‘‘දෙවියන් වහන්සේ හරි මහසෝනා හරි කමක් නැහැ, උඹේ ජීවිතය බේරාගත්තා නම්… හැබැයි මේ දේවල්, උඹ මීට වඩා මොළය ඇතුව, කල්පනාවෙන් කරන්න තිබුණා.’’ කියලා මම කිව්වා. වික්ටර්ට සියලූ දේවල් මතකයි, එක දෙයක් හැර… ඒ තමයි, එයාට හාර්ට් ඇටෑක් එක ඇවිල්ලා, ඒ දවස් ගාන යනකං වෙච්ච දේවල් ඔහුට අමතකයි.
හෂිනි ඒ ගැන වික්ටර්ට කිව්වේ ”අරගොල්ලෝ අත ඇරියාම, මම ඔයාව දෙවියන් වහන්සේට බාර දුන්නා’’ කියන එකයි. ”දෙවියන් වහන්සේ තමයි, ඔයාව බේරා ගත්තේ….’’ කියන එක හෂිනි වික්ටර්ට කිව්වා…. අර දේවල් අමතක නිසා, මෙයා දැන් පිළිගන්නේ අර මිථ්‍යාව…
මෙච්චර කල් ජේසුස් වහන්සේට පවා අපහාස කරමින්, එක එක කල්ලි දුප්පත් මිනිස්සුන්ව, අසරණයන්ව බිලිබා ගත්තා… ඒ අල්ල ගත්තේ හාල් මැස්සන්, කූනිස්සන්… මේ පාර ඒ අය අල්ල ගත්තේ, ලොකුම මෝරෙක්… මේ වගේ වන් ඇන්ඞ් ඔන්ලි කෙනෙක්ව ඒ අය අල්ල ගත්තේ. ෆස්ට් ටයිම්…
ප‍්‍රශ්නය – එසේ නමුත් අර පාස්ටර් වරයා, උගුර පිරිමැද, වික්ටර් රත්නායකයන් වෙත ආශිර්වාද කළාට පසු ඔහුට ගීත ගායනා කිරීමේ හැකියාව එවෙලේම ලැබුණා…
පිළිතුර – කළු සූට්කාරයා මෙයාගේ උගුර අතගාලා, ඔය සියල්ලට කිරීමට සති කිහිපයකට පෙර, හෂිනිගේ ලොකු අක්කාගේ හස්බන්ඞ්ගේ උපන් දිනය පැලවත්තේ, ගෙදර තිබ්බා. මස්සිනා ඒ වෙලාවේ කිව්වා, ”අද මගේ බර්ත් ඬේ එකනේ… සර්… අද සින්දුවක් කියන්නකෝ’’ කියලා, ඉල්ලා සිටියා. ඒ වෙලාවේ වික්ටර් ඉතාම හොඳට ගීත කිහිපයක් ගායනා කළා. ”පෙම්බර මධු…’’ කියන ගීතය තමයි මුලින්ම ඔහු ගායනා කළේ…. ඔය කළු කෝට්කාරයා කරපු දෙයක් නැති වග, ඒකෙන්ම පේනවා… මේ වික්ටර් කියන වටිනා, මහා චරිතය බිලිගන්න, ගායිකාවක් සහ ගායකයෙක් වන අඹු සැමි යුවළක් සම්බන්ධව සිටින බව මට ආරංචියි. ඒ අයගේ දරුවෝ පවා මේ පල්ලියේ සල්ලිවලින් ඉගෙන ගන්න රට යවලා තියෙන බව අපිට ආරංචියි… මේ දේවල් තවදුරටත් වෙන්න ඉඩ තියන්න එපා… මම මහා නායක හාමුදුරුවරු ප‍්‍රමුඛ මහා සංඝරත්නයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේ දේවල් දැන්ම නවත්ත ගන්න කියලා….,
ප‍්‍රශ්නය – ඔබ දැන් මිත‍්‍රද්‍රෝහියෙක්…
පිළිතුර – නැහැ… මම ඔහුට තවම ආදරෙයි… ඔහු මේ කළ අමනෝඥ ක‍්‍රියාව මට දරා ගන්න බැහැ… මේ රටේ සිටින ඉහළම, සම්මානනීය කලා පෞරුෂය ඔහුයි. එවැනි කෙනෙක් තව සියවසකට මේ රටේ ඉපදෙන්නේ නැහැ. ඔහු මේ උගුලට හසු වුණා නම්, මේ ජාතියේ, ආගමේ අනාගතය වෙනුවෙන් මට තව ඉවසාගෙන ඉන්න බැහැ… ජාතිය, ආගම වෙනුවෙන් සහ මගේ සදාදරණීය මිත‍්‍රයාට වෙච්ච දේ පිළිබඳව සත්‍ය හෙළිකර ඔහු බේරාගැනීම සඳහා තවත් ඉඩක් තියෙනවා නම්, ඒ සඳහා තමයි මම මේ දේ කළේ…
(මනෝජ් අබයදීර- දිවයින)