කවුරුත් කතා කරන වනිඳු හසරංග ගැන මුරලිදරන් කියූ කතාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මිලදී ගැනීමට අයි.පී.එල් කණ්ඩායම් උනන්දුවක් දක්වනු ඇති බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගයෙන් පසුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා. වනිදු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය කාලය පුරාවටම පන්දුවෙන් හා පිත්තෙන් කැපීපෙනන දක්ෂතා දක්වනු ලැබුවා. ඔහු මෙම වසරේ දී එක්දින තරග 11ක් තුළ ලකුණු 344ක් රැස් කර ඇති අතර, කඩුලු 8ක් ද එහිදී දවා ගෙන ඇත්තේ පන්දුවාරයකට දල ලකුණු 4.35ක් පමණක් ලබා දෙමින්. එමෙන්ම 2021 වසරේ දී වනිදු 20යි 20 තරග 7කදී බිද හෙලා ඇති කඩුලු ගණන 12ක්. (පන්දුවාරයකට දල ලකුණු ලබා දීම – 5.33) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා යම් කණ්ඩායමක් විසින් ඔහුව මීලදී ගැනීමට ඉඩ ඇති නමුත්, මුරලිදරන් පෙන්වා දෙන්නේ අයි.පී.එල් තරග ක්‍රීඩා කිරීම සදහා වනිදුට ඇති අවස්ථාව අවම මට්ටමක පවතින බවයි. බොහෝ අයි.පී.එල් කණ්ඩායම් සිය කණ්ඩායම සදහා ඉන්දීය දග පන්දු යවන්නන් ක්‍රීඩා කරවීමට වැඩි කැමැත්තක් දැක්වීම ඊට හේතුව බව මුත්තයියා මුරලිදරන් සදහන් කළා. “ඔහුට තරගයක් දෙකක් ලැබුණොත් හා දක්ෂතා දැක්වුවහොත්, එවිට ඔහු නිත්‍ය ක්‍රීඩකයෙකු වේවි.” යනුවෙන් මුරලිදරන් සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?