‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා අති සාර්ථකව

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය පසුගිය තෙදින පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා.

උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී තිබෙනවා.

ප්‍රෝටීන් අධික ආහාරයක් වන ළා තණවලට වන අලි මහත් රුචිකත්වයක් දක්වන අතර, කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බව⁣ට අනුමාන කෙරෙනවා.

මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වදින අතර, ඉන්, ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබෙනවා.

පසුගිය මාස කිහිපයේදී , වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයෝ කිහිපදෙනෙක් මිය ගියා.

ප්‍රදේශයේ වී වගාව බහුලව සිදු කෙරෙන අතර, සෝයා,බඩ ඉරිඟු , පලතුරු හා එළවළු වර්ගද වගා කෙරෙනවා.

ඒ, අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලු වැව වැව් පිටිවල ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය පසුගිය 05 වනදා ආරම්භ කෙරුණා.

එය ඊයේ (06) සහ අද (07) දින ද සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබු ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක මුළුමනින්ම ගලවා ඉවත් කිරීම සිදුකර තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, ස්වේච්ඡා සංවිධාන, පරිසර හිතකාමීන්, අවට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

එමෙන්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝද මෙම වැඩසටහන සමඟ එක් වුණා.

වන අලි වාසභූමි තිරසර ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර එය ඉදිරියේ දිවයිනේ සෙසු ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?