‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා අති සාර්ථකව

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය පසුගිය තෙදින පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා.

උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී තිබෙනවා.

ප්‍රෝටීන් අධික ආහාරයක් වන ළා තණවලට වන අලි මහත් රුචිකත්වයක් දක්වන අතර, කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බව⁣ට අනුමාන කෙරෙනවා.

මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වදින අතර, ඉන්, ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබෙනවා.

පසුගිය මාස කිහිපයේදී , වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයෝ කිහිපදෙනෙක් මිය ගියා.

ප්‍රදේශයේ වී වගාව බහුලව සිදු කෙරෙන අතර, සෝයා,බඩ ඉරිඟු , පලතුරු හා එළවළු වර්ගද වගා කෙරෙනවා.

ඒ, අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලු වැව වැව් පිටිවල ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය පසුගිය 05 වනදා ආරම්භ කෙරුණා.

එය ඊයේ (06) සහ අද (07) දින ද සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබු ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක මුළුමනින්ම ගලවා ඉවත් කිරීම සිදුකර තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, ස්වේච්ඡා සංවිධාන, පරිසර හිතකාමීන්, අවට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

එමෙන්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝද මෙම වැඩසටහන සමඟ එක් වුණා.

වන අලි වාසභූමි තිරසර ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර එය ඉදිරියේ දිවයිනේ සෙසු ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54