කාලයක් මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා.
අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ; සමාජයෙන් එල්ල වූ දැඩි අපවාද, අවලාද හමුවේ තමන්ට තවදුරටත් පැවිදි වී සිටිමින් මෙරට ශාසනය වෙනුවෙන් කැපවීමෙන් තේරුමක් නොමැති බවයි.
කිරුළපන ධම්මවිජය හිමියන් අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පසුගිය ආණ්ඩු විරෝධී සමයේ විරෝධතා දක්වන පිරිසට සහ ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම ධම්මවිජය හිමියන්ගෙන් විරෝධතා එල්ල වුණා.
මේ අතර තමන්ගේ නායක (ගුරු හිමියන්) වෙනුවෙන් ද උපවැදි වූ ධම්මවිජය හිමිපාණන් දීර්ඝ සටහනක් තබා තිබෙනවා.
එමෙන්ම උන්වහන්සේ සිය සටහනේ අවසාන වරට තමන්ව ආමන්ත්‍රණය කරගෙන ඇත්තේ ද; ” ධම්මවිජය ආයුෂ්මතුන් වහන්සේ” යනුවෙන්.