කරාපිටියේ වෛද්‍යවරයා සොයා ගත් කරල ගැන රජයෙන් පරීක්ෂණයක්

ප්‍රතිශක්තිය වර්ධනය කිරිම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් නිපදවා ඇති බව කියන දැනට වෙළදපොළේ ඇති ආහාර අතිරේකය පිළිබද විමර්ශනයක් ආරම්භ කොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මෙකී ආහාර අතිරේකය තිබු ඇසුරුම් බෝතල් ගාල්ල නගරයේ පිහිටි වෙළදසැළක අලෙවි කිරිමට තිබියදි එහි සාම්පලයක්  විමර්ශන කටයුතු සදහා ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ලබා ගෙන ඇත.

මෙකී ආහාර අතිරේකය සම්බන්ධයෙන් ඇසුරුමේ සදහන් තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගැනිම සදහා විමර්ශන ආරම්භ කොට ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මෙකි ඇසුරුමේ සදහන් පරිදි සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, හිසරදය සදහා අමතර ආහාරයක් ලෙස වරකට පෙති එක බැගින් දිනකට දෙවරක් දින 04ක් පානය කරන ලෙස සදහන්ව ඇති බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 

එක් ඇසුරුම් බෝතලයක් රුපියල් 3750ක මිලකට අලෙවි කරන බව පවසන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය   ඇසුරුමේ සදහන් ආකාරයට ප්‍රමිති ආයතනය මගින් සහතිකය ලබාගෙන තිබේද යන්න පිළිබද විමර්ශනයක් සිදුකරන බවද පවසයි.

මෙකී ආහාර අතිරේකය පිළිබද පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබි ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

 (ගාල්ල – ලලිත් චාමින්ද)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?