කරන්ට් ආවත් ආපහු කරන්ට් කැපෙන ලකුණු

නොරච්චෝල ගල් අගුරු විදුලි බලාගාරය නැවත සක්‍රිය කිරිමට දින 03ක කාලයක් ගත වෙන බැවින් ලබන සඳුදා දක්වා ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ විදුලි විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ආර්.එම්. රණතුංග පවසනවා.

නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරයේ අක්‍රිය වීමෙන් පසු එහි එහි මැෂින් සහ බොයිලේරුව නැවත ජලය යොදා පණ ගැන්වීමට දින 03ක කාලයක් ගත වෙන බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.

මේ හේතුවෙන් ලබන සඳුදා දිනය දක්වා දිවයිනේ තෝරා ගත් ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ලවිය හැකි බව පැවසූ සාමාන්‍යාධිකාරීවරයා ලබන සඳුදා සිට සුපුරුදු පරිදි විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවට විශ්වාසය පලකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?