කම්කරු කොමසාරිස් ජනරාල් තනතුර කාන්තාවකට

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් වශයෙන් දැනට සේවය කරනු ලබන එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා මේ වන විට (18) එම දෙපාර්තමේන්තුවේ වසර 23ක පමණ සේවා කාලයක් සපුරා ඇති බැවින් වෙනත් තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරින් මුදාහරින ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි ඒ මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමටත්, ඒ අනුව, පුරප්පාඩු වන කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරට දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අනුයුක්තව සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය පත් කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?