කඳෙන් වෙන් වූ හිසක් මොරගල්ල වෙරළ තීරයේ

අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී කඳෙන් වෙන් වූ මිනිස් හිස කොටසක් සොයා ගෙන තිබෙනවා.

අද (23) උදෑසන අලුත්ගම පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනවල දී මෙම මිනිස් හිස කොටස සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම හිස පිරිමි පුද්ගල‍යෙකුගේ බවට හඳුනා ගෙන ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.