කඳුකර කොටි පැටවා මිනිස්සුන් විසින් ස්පර්ශ කිරිම නිසා මව ප්‍රතික්ෂේප කරයි(ඡායාරූප)

තලවකැලේ තේ වත්තේ අතරමංව සිටියදි හමු වු කදුකර කොටි පැටවා තම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය පවසනවා.

තලවකැලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට පසු ගිය දා අතරමංව සිටි මාසයක් පමණ වයසැති එම කොටි පැටවා හමු වි ඇති බවත්, පසුව කොටි පැටවා හමු වු ස්ථානයේම දින කිහිපයක් ආරක්ෂිතව මවට භාර දිම සදහා රදවා තිබුණද, කොටි පැටවා අසලට පැමිණි මව පටවා රැගෙන නොයැම නිසා ඉතා දුර්වල තත්ත්වයේ සිටි කොටි පැටවා තම රෝහල වෙත රැගෙන පැමිණි බවයි වෛද්‍ය අකලංක පිණිදෙණිය කියා සිටියේ.

මෙසේ අතරමංව සිටින කොටි පැටවන් අල්ලා සුරතල් කිරිමෙන් හෝ එම කොටි පැටියාට කිරි ලබාදිමට උත්සහ කිරිමේදි කොටි පැටියාව මිනිසුන් විසින් ස්පර්ශ කර ඇති බවට ඉව ඇති නිසා මව කොටි පැටියා රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කොටි පැටියා ගැහැණු සතෙකු බවත්, වතු කම්කරුවන් විසින් කොටි පැටියා අල්ලා වතු තලවකැලේ වතුයායේ වතු අධිකාරිවරයා වෙත භාර දිමෙන් පසු නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ගේද සහය ඇතිව වතු අධිකාරිවරයා එම කොටි පැටවා ආරක්ෂිතව මවට භාර දිමට අවස්තා කිහියකදිම උත්සහ කර ඇති බවද වෛද්‍ය අකලංක පිණිදෙණිය ෙපැවසුවා.

මව කොටි පැටවා අසලට පැමිණ පැටියා රැගෙන යාම ප්‍රතික්ෂේප කරන අයුරු වනජිවි නිලධාරින් විසින් සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබු බව අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34