කඳාන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට දී අද (03) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.
මෙම වෙඩි තැබීම උදෑසන 10ට පමණ සිදු ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය තහවුරු කළේ.
වෙඩි තැබීමට ලක් ව ඇත්තේ වෙළෙඳ සංකීර්ණය අසල නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනකු බවත් වාර්තා වනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
වෙඩි තැබුවේ කවුරුන්ද, කුමන හේතුවක් නිසා දැයි මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





