කඳානේ නිවසක අභිරහස් ලෙස ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක්

කඳාන, වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 84 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා එම නිවසේ තනිවම වාසය කර ඇති අතර, දෙඅත් ගැට ගසා මුඛය ආවරනය් වන පරිදි රෙදි කැබැල්ලකින් බැඳ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ දියණිය ඊයේ (25) සිය පියා බැලීමට නිවසට පැමිණ ඇති අතර, ගේට්ටුව සහ නිවස අඟුළු දමා තිබීම හේතුවෙන් වැඩිදුරටත් සොයා බැලූ අවස්ථාවේ දී මෙම මෘත ශරීරය හමුව තිබෙනවා.

අනතුරුව දියණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර, ඒ අනුවයි විමර්ශන ආරම්භ කර කර ඇත්තේ.

මෙම ඝාතනය දින කිහිපයකට පෙර සිදුකර ඇත බවට දැනට සිදුකරන ලද විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

කඳාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25