AFC Banner
AFC Banner
Empty Ad

කන්දකැටියේ බස් – වෑන් ගැටුමෙන් 12ක් රෝහලේ

කන්දකැටිය, බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් සහ ඇඟලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින්
12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිස කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් හත්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කන්ඳකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?