Indian Premier League

කන්තලේ මාරක අනතුරක් – අයෙක් මරුට (ඡායාරූප)

කන්තලේ ප්‍රදේශයේ දී බස් රථයක්, ලොරි රථයක් සහ කැබ් රථයක් ගැටී අද (14) සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

තවත් 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මියගොස් ඇත්තේ බස් රථයේ රියදුරු බවයි වාර්තා වුණේ.

කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේ දී අනතුරක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පිටුපස එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ද බස් රථය ගැටී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?