කථානායක පක්ෂ නායකයින් කැඳවයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (15) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කැඳවා තිබෙනවා.

අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් පැමිණ ඇති එකඟතා පිළිබඳ සාකච්ඡා කිරිම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.

මේ අතර ඊයේ (14) පැවති පක්ෂ නායක හමුවේදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වී තිබුණා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැති බැවින් අද (15) දිනයේ දී පාර්ලිමේන්තුව රැස් නොවන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?