AFC Banner
Empty Ad
Empty Ad

කතානායකගෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 ජූලි 02 දින “කාන්තාවන් සවිබල ගැන්වීමේ” සහ “යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” නමැති පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කරන ලද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 2024 ජූලි 02 දින තමාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතර ව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ජුලි 02 වැනි දින ලැබුණු අතර තවත් පෙත්සමක පිටපතක් ජුලි 04 වැනි දින තමන් වෙත ලැබී ඇති බව ද කතානායකවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ජුලි 03 වැනි දින තමා වෙත ලැබී ඇති බවයි කතානායකවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?