කතරගම මහා විනාශයක්.. සිදුවී ඇති දේ මෙන්න

කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන සංරක්ෂණ මේ වනවිට වන සංරක්ෂණ නිලධාරීන්ගේද සහයෙන් විවිධ පුද්ගලයන් විසින් හේන් හෙළි කරන මුවාවෙන් එළිකරමින් මහා විනාශයන් සිදුකළත් වගකිව යුතු පරිසර නිලධාරින් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත.

දිර්ඝ කාලයක් පුරා කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කඳසුරිදුගම, කරවීලේ, ලූණුගම් වෙහෙර රක්ෂිත සීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම් සීමාව, සිතුල්පව්ව වන සීමාව, තම්මැන්නාව රක්ෂිත වැව් පද්ධතියන් ඇතඑ ප‍්‍රදේශයේ වටිනා වන සම්පත් මහා පරිමාණයෙන් වනසමින් ඇති හැකි පිරිස් විසින් ඉඩම් ඇල්ලීම සිදු කරමින් පසුවෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම වන සංරක්ෂණ කැළෑවන් මේ අයුරින් සිදු වන්නේ කතරගම ප‍්‍රදේශයේ ඉඩම් හිමි ඇති හැකි පිරිස් විසිනි.

ඉදිරියේ එන මහ කන්නනයේ හේන් කරන මුවාවෙන් මෙම වන විනාශයන් සිදු කිරීම විශාල ලෙස සිදුවෙමින් පැවතියද වන සංරක්ෂණ නිලධාරීන් කිසිදු අයුරකින් මෙම පරිසරය සුරැකීමට ක‍්‍රියා නොකරති. මෙම ඉඩම් අල්ලන අය අතර ආරක්ෂ අංශ, රාජ්‍ය නිලධාරින්, ප‍්‍රදේශීය දේශපාලඥයින් හා ව්‍යපාරිකයෝද සිටිති. ඇතැම් පිරිස් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන මෙම වන විනාශයන් කරමින් පසුවෙයි.

මේ වනවිට මෙම පරිසරයේ ජීවත් වූ අලි ඇතුන්ට මෙන්ම මුවන්, ඌරන් වැනි වන සතුන්ද සිටීමට ස්ථානයක් නොමැතිව ගම් වැදීමද සිදුවේ. මේ වනවිටත් අක්කර 500 කට වැඩි සංරක්ෂිත වනයන් හා වැව් තාවුලූ ඇතුළු ප‍්‍රදේශ රැසක් මොවුන් විසින් අල්ලාගෙන තිබේ. මේ සම්බන්දයෙන් අදහස් දැක් වූ කතරගම ප‍්‍රාදේශීය ලේකම් ඒ. එම්. නන්දසිරි මහතා සඳහන් කළේ මෙලෙස විවිධ පිරිස් විසින් අල්ලා ගෙන ඇති බ්ම් වන සංරක්ෂණයට අයත් ඉඩම් බවයි.

කතරගම – කේ. ඞී. දේවප‍්‍රිය – divaina

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?