කාන්තාවකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාරියපොළ පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත එම කාන්තාව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අදාළ සැකකරු ආණමඩුව ප්‍රදේශයේ දී ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 34ක මාම්පූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













