කඩුවෙල වසන්තගේ ඥාති සහෝදරියක් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කඩුවෙල වසන්තගේ ඥාති සහෝදරියක්ව සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුව වීරඹුගෙදර පොලීසිය විසින් ඉකුත් 10 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත.

වීරඹුගෙදර පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මීගමුව – කුරුණෑගල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සැකකටයුතු මෝටර් කාර් රථයක් නවත්වා පරීක්ෂා කර ඇත.එම රථය තුළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇත.ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 06 ක මුදලක් සහ ගංජා මිලි ග්‍රෑම් 1300 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් ගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කඩුවෙල වසන්තගේ බිරිදගේ සහෝදරයාගේ බිරිද බවයි.ඇය හෝමාගම – පැලෑදගොඩපාර පදිංචි 46 හැවිරිදි තැනැත්තියකි.අනෙක් සැකකරුවන් දෙදෙනා පාදුක්ක – ඌරුවෙල සහ හෝමාගම සමගි මාවතේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය සහ සැකකරුවන් කුමන ස්ථානයක් දක්වා ගමන් කරමින් සිටියේද යන්න මෙතෙක් අනාවරණය කර නැත.

සැකකරුවන් සහ සැකකාරිය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?