හෙරොයින් කිලෝ 170ක් විනාශ කරන්න වනාතවිල්ලුවට රැගෙන යයි (වීඩියෝ)

නඩු කටයුතු අවසන් වූ විනාශ කිරීමට නියමිත හෙරොයින් කිලෝග්‍රෑම් 170ක ප්‍රමාණයක් විනාශ කිරීමට අද (02) උදෑසන රැගෙන ගියා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීම අද (02) උදෑසන සිදු කෙරුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් එම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි පොලිස් දහන උදුන වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ රැගෙන යාමට කටයුතු කළ බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කළේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය අද (02) දහවල් මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්