කඩිනමින් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා – ජනපති අනුර

මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පූනාගල “නවෝදයාපුරම්” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාසවලින් නිවාස 50ක ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමින්.

මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම වසර අවසානයේ දී හෝ ලබන වසර මුල දී එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නව අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බවයි.

ජනප්‍රජාවගේ ගැටළු විසඳීම. ජෛව විවිධත්වය ආරක්ෂාකර ගැනීම, පාංශු රක්ෂණය සිදු කිරීම, වන සංරක්ෂණ බලතල, වනජීවී බලතල වැසි සියලු බලතල අදාළ අධිකාරිය වෙත ලබාදෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මධ්‍යම කඳුකරය රටේ හදවත බවත් එහි ආරක්ෂාව මෙරට අනාගතය බව සඳහන් කළ ජනාධිපතිවරයා එය ආරක්ෂා කිරීමට මැදිහත් විය යුතු බවයි පැවසුවේ.

” ආයතනවල බලතල එහෙට මෙහෙට බෙදෙයි කවුරුවත් කලබල වෙන්න එපා. පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි කවුරුවත් කලබල වෙන්න එපා. තිබෙන තනතුරු නාම වෙනස්වෙයි කවුරුවත් කලබල වෙන්න එපා. ජාතික වගකීමක් ලෙස සලකා අප මෙය ඉටුකළ යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58