කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ තැතක් ව්‍යර්ථ වෙයි – වෙඩික්කරුවෙක් රෝහලේ (වීඩියෝ)

කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (22) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීම සඳහා දෙදෙනෙකු පැමිණ ඇති අතර, එහිදී වෙඩික්කරුවන්ගේ ගිනි අවි නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අපරාධය ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සඳහා පැමිණි එක් වෙඩික්කරුවෙක් පළාගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනුණු අනෙක් වෙඩික්කරුවා තුවාල ලබා මීගමුව රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මොවුන් නිවසින් පළායන අවස්ථාවේ දී නිවසේ තාප්පයෙන් පැනීමට තැත්කර ඇති අතර, එම අවස්ථාවේ දී එක් වෙඩික්කරුවෙකුගේ පාදයක් කැඩී තුවාල සිදුව තිබෙනවා.

ඒ, හේතුවෙන් ඔහුට පළා යාමට නොහැකිව නිවස ඉදිරිපිට වැටී සිටිය දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?